Araliya Plantation and Landscaping Services

Call Website Contact the business

Araliya Plantation and Landscaping Services Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Araliya Plantation and Landscaping Services, Landscape Company, Kottawa.

මේව indoor plant කියල විකුණන අයගෙන් පැල අරගෙන ඔයත් අමාරුවෙ වැටුනද? Calathea Lutea , Travellers Palm , Monsteraමේ සිරි ලං...
28/10/2026

මේව indoor plant කියල විකුණන අයගෙන් පැල අරගෙන ඔයත් අමාරුවෙ වැටුනද?

Calathea Lutea , Travellers Palm , Monstera

මේ සිරි ලංකා දීපයේ indoor plants හදන එක ටිකක් අමාරු වැඩක්. ස්වභාවයෙන්ම පැල හුරු වෙලා ඉන්නෙ අවම හිරු එලියක් යටතේ වත් survive වෙන්න. පහු ගිය ටිකේම මේ උඩින් පෙන්නපු පැල වර්ග සාලෙ මැද්දෙ හදන්න පුලුවන් කියල විකුණන තැන් කිහිපයක් දැක්කා.

කාටවත් පහර ගහනවා නෙවේ. නමුත් ටිකක් මිලෙන් වැඩි මේ පැල ලොකු ගානක් දීල අරං මාසෙන් දෙකෙන් මැරෙනවට අපි කවුරුත් කැමති නෑනෙ. සතියක්ට වතාවක් අව්වට දාන්න ඕන කියල ඔයාට කිව්වට එහෙම ඇතුලෙ තියල එක දවසක් අව්වට දාපු ගමන් පැලයට ඒ උණුසුම අරාගන්න බැරිව කොළ ටික මැලවිලා යනවා. ඵැලයකට ඒක shock එකක්. ඒකෙන් recover වෙන්න ආයෙම සෑහෙන කාලයක් යනවා.

මේ පැල වලට අව්ව අවශ්‍යයි. සාමාන්‍ය යෙන් ජනේලයකින් වැටෙන අව්වක් මොන්ස්ටෙරා වලට ඇති වුණාට මේ අනික් දෙකට නම් දිනපතා පැය දෙක තුනකවත් අවම හිරු එලියක් අවශ්‍යමයි.

Travellers palm වගේ ඒව pinterest එකේ ගෙවල් ඇතුලෙ ලස්සනට හදල තිබ්බට ඇත්තටම ඒව මම නම් හිතන්නෙ photo purpose විතරයි.

මේ පිංතූරයේ තියෙන්නෙ දවස පුරාම අව්ව වැටෙන තැනක්. හරිම නිරෝගීව හැදිල තියන ලස්සන බලන්නකො.

Fully indoor හදන්න පුලුවන් පැල කිහිපයක් තිඅයන්වා. ඒ ගැන වෙන පෝස්ට් එකකින් අරන් එන්නම්.

පිංතූර අරලිය ප්ලාන්ටේශන් සතු වන බැවින් උපුටා ගැනීම තහනම්.

මේ වැස්සෙත් වැඩේ අතෑරල දාන්නෙ නැතුව ගේම ඇදගෙන යන අරලිය ටීම් එකට 🫡
26/10/2026

මේ වැස්සෙත් වැඩේ අතෑරල දාන්නෙ නැතුව ගේම ඇදගෙන යන අරලිය ටීම් එකට 🫡

වැස්සට කලින් පැල ටික හිටවගත්ත කට්ටිය නම් ගොඩ... හැබැයි අරලිය ගස් හිටවපු අය ටිකක් විමසිල්ලෙන් ඉන්න වතුර හොදින් බැහැල යනවද...
25/10/2026

වැස්සට කලින් පැල ටික හිටවගත්ත කට්ටිය නම් ගොඩ...

හැබැයි අරලිය ගස් හිටවපු අය ටිකක් විමසිල්ලෙන් ඉන්න වතුර හොදින් බැහැල යනවද කියන එක ගැන. මොකද අරලිය වැඩිය වතුරට කැමති නෑ. එක තැන වතුර දවස් දෙක තුනක් රැදුනොත් මුල් කුණු වෙලා ගහ මැරෙන්න බලනවා. පෝච්චි වල හිටවපු අයත් මේ ගැන ටිකක් විමසිල්ලෙන් බලන්න. 🌿

පොහොර ටික එහෙම දාගන්න පායන වෙලාවක් බලල.. මේ වැස්සත් එක්ක පොහොර ටික හේදිල යන්නෙ නැති වෙන්නත් වග බලාගන්න ඕන ඉතිං..🌿

Antique shaped white and Pink frangipani Installation At Wanchawala, Galle. Dr Disanayake’s on going hotel project.     ...
24/10/2026

Antique shaped white and Pink frangipani Installation At Wanchawala, Galle. Dr Disanayake’s on going hotel project.

23/10/2026

Adjusting 🌿

Blending timeless architecture with drought-tolerant plants, natural textures, and earthy tones to create a serene, eleg...
23/10/2026

Blending timeless architecture with drought-tolerant plants, natural textures, and earthy tones to create a serene, elegant, and low-maintenance green space.

Design : Araliya Landscaping 🌿

කැඩුණු බිදුණු දේවල් අස්සෙන් මේ වගේ කොල පාට හීන ලස්සනට පේනවා...කෙනෙක්ගෙ කොළපාට හීනයක් පාට කරල දෙන්නෙ අපි හරිම ආසාවෙන් වගේ...
20/10/2026

කැඩුණු බිදුණු දේවල් අස්සෙන් මේ වගේ කොල පාට හීන ලස්සනට පේනවා...

කෙනෙක්ගෙ කොළපාට හීනයක් පාට කරල දෙන්නෙ අපි හරිම ආසාවෙන් වගේම කැමැත්තෙන්. හැබැයි ඒ අදහස් සංකල්ප වගේම දැනුම හොර පාරෙන් ගන්න එන එක නම් හරිම අශෝබන වැඩක්.

Quotation එකක් අවශ්‍ය නම් 3D එවන්න එපා. මොකද ඒ 3D එක අපි පැය ගානක් වියදම් කරගෙන study කරලා plants තෝරගන්න ඕන. හැමෝම දන්න දෙයක් තමයි 3D වල හෝ AI වලින් දෙන ඩිසයින් මේ මහ පොළොවේ කරන්න බෑ. ඒ නිසා හරිම පැලය තෝරාගැනීම සහ ඩිසයින් එකට ගැලපෙන පරිදි සකස් කිරීම හරිම සංකීර්ණ කාර්‍යයක්. Visiting charge එකක් ගෙවල ගෙන්න ගන්න අකමැති නම් අපිට plant list එක එවන්න. ඒකට අපි quotation එක් දෙන්නම්. එහෙම නැතුව phone එකෙන්ම design හදලා ප්ලාන්ට්ස් තෝරල quotation එක දුන්නම අන්තිමට ඒක වෙන කෙනෙක් ලව්ව හෝ අපි ට කතා කල කෙනාම තනියම කරගන්නවා. අපි වියදම් කල කාලය දැනුම හා අපේ සංකල්ප නොමිලේම එයා ලබාගන්නවා.

ඉතිං මින් පස්සෙ එහෙම කරන්න එපා. ආයතනයක් විදියට අපේ ටීම් එක ඒ වගේ දේවල් වලට ආයෙම ඉඩ දෙන්නෙ නෑ. Quotation එකක් negotiate කරන්න ඕනම වෙලාවක පුලුවන් සහ උපරිම සාදාරණ විදියට මිල ගනන් වෙනස් කරගන්න පුලුවන්.

ඉතිං අපි ජෙනුයින්ව වැඩේ කරමු.. 🌿

Photo : අරලිය ගෙදර, කුලියාපිටිය.

සයිට් විසිට් වලට අය කිරීම ගැන ආයෙම මතක් කරන්න කාලය හරි. මෙන්න මේකයි ඇත්තම කතාව.ක්ෂේත්‍රයේ මුල් අඩිය තියන කාලෙ කවුරුත් සය...
16/10/2026

සයිට් විසිට් වලට අය කිරීම ගැන ආයෙම මතක් කරන්න කාලය හරි. මෙන්න මේකයි ඇත්තම කතාව.

ක්ෂේත්‍රයේ මුල් අඩිය තියන කාලෙ කවුරුත් සයිට් එක විසිට් කරන්න සල්ලි ඉල්ලන්නෙ නෑ. මොකද අපි කාටවත් ඒ කාලෙට බිස්නස් වත්, යෙදෙන්න වැඩක්වත් නෑ. ඉතිං අතින් වියදම් කරගෙන හරි ගිහින් වැඩ ගන්න තමයි බලන්නෙ.

කාලයක් යන්කොට අපි ටික ටික වැඩ පටන් අරං ඒ වෙනුවෙන් කැප වෙද්දි වැඩක් ගන්න යන්න අපි කැපකරන්නෙ තව වැඩක් කරල ආදායමක් ගන්න කාලය.

එහෙම නැත්තම ඒ වෙනුවෙන්ම විශේෂ ප්‍රාගුණ්‍යයක් තියන කෙනෙක්ට මිලක් ගෙවල යවන්න ඕන.

ඉතිං ටිකක් එස්ටැබ්ලිශ් වුණු කම්පැනි එකකින් විසිට් එක නිකං කරන්න එයි කියල බලාපොරොත්තු වෙන්න එපා.
සාමන්‍යයෙන් ඒ ගන්න ගාන ෆයිනල් බිල් එකෙන් අඩු වෙනවා.

සමහරු හිතනවා මේක වැඩේ ගන්නම කරන වැඩක් කියලා. ඔව්. අනිවර්‍යෙන් ම.

මොකද අපි landscape එකට හොදයි කියල තීරණය කරල ඉවර වෙලා තමයි කෙනෙකුට හෝ ආයතනයකට කතා කරන්නෙ. ඉතිං ඒ කෙනා හෝ ආයතනය ඒ වෙනකොට උපයාගෙන තියන කීර්තිනාමය වෙනුවෙන් හා විශේෂ දැනුම වෙනුවෙන් ඔයාට ගෙවන්න වෙනවා. ඒක කොයි ක්ශේත්‍රයටත් අදාලයි.

යමක් වෙනුවෙන් යමෙක් කල කැපකිරීම් මත ඒ පුද්ගලයාට ලැබුණු හැකියාව ඔයාට අවශ්‍ය නම් ඔයා ඒකට මිලක් ගෙවන්නම ඕන. 🌿🌿

🌿🎓 A PROUD MOMENT FOR ARALIYA PLANTATION! 🎓🌿Our heartiest congratulations to Shafnar Azhar, BSc (Hons), MSc in Forestry ...
16/10/2026

🌿🎓 A PROUD MOMENT FOR ARALIYA PLANTATION! 🎓🌿

Our heartiest congratulations to Shafnar Azhar, BSc (Hons), MSc in Forestry and Environmental Management, University of Sri Jayewardenepura, Sri Lanka, on this remarkable academic achievement!

Shafnar is a valued member of our team, serving as our Plant Consultant and Site Inspection Officer. Her dedication, commitment, and passion for the world of plants and the environment continue to inspire us.

Your hard work and perseverance have brought you another wonderful milestone, adding yet another prestigious qualification to your name. We are truly proud to celebrate this achievement with you!

Congratulations once again, Shafna! 🌳💚

Team Araliya 🌿

Address

Kottawa
00060

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94775336494

Alerts

Be the first to know and let us send you an email when Araliya Plantation and Landscaping Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Araliya Plantation and Landscaping Services:

Shortcuts

Share