DGA Creative Home Designers

DGA Creative Home Designers Building designing (Specially house plans)
Estimating constructions projects
Preparing BIll of quantities

සියලු දෙනා ලොව සුවපත් වෙත්වා!ෆොටෝ එකේ තියෙන්නෙ අද උදෙන්ම පොඩිත්තියකගෙන් ලැබුණු වෙසක් සුබ පැතුම් පත්DGA Creative Home Des...
30/05/2026

සියලු දෙනා ලොව සුවපත් වෙත්වා!

ෆොටෝ එකේ තියෙන්නෙ අද උදෙන්ම පොඩිත්තියකගෙන් ලැබුණු වෙසක් සුබ පැතුම් පත්

DGA Creative Home Designers

29/04/2026
තවමත් සඳගිරි සෑ සමාජ මාධ්‍ය මහ සමුළුවකට සහභාගී වුණේ නැති, තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ගොඩ නගාගන්න හීන දකින ඔයාලට ඔන්න අවස්...
25/04/2026

තවමත් සඳගිරි සෑ සමාජ මාධ්‍ය මහ සමුළුවකට සහභාගී වුණේ නැති, තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ගොඩ නගාගන්න හීන දකින ඔයාලට ඔන්න අවස්ථාව.....

19/04/2026

අම්මා.....
අපි මොනතරම් වයසක වුණත් අපේ ජීවිතයට දැනෙන ලොකුම අහිමිවීම තමයි දෙමව්පියන් අහිමිවීම.
ඉතින් අම්මා අපෙන් සමු අරන් මාස පහක් ගෙවෙද්දි තමයි මෙවර සිංහල අවුරුදු උදාවුණේ. තාත්තා අහිමි වෙලා අවුරුදු දහයක් අප්‍රේල් මාසෙ හතර වෙනිදට.
ඒ නිසා කොහොමත් මම අවුරුද්ද සැමරුවේ නම් නෑ.
කෑම හදන ව්‍යාපාරයක්, ගෘහ නිර්මාණ ව්‍යාපාරයක් කරන නිසා සිරිත් පරිදි නැකැත් කළා විතරයි.
15 වෙනිදා හිස තෙල් ගල්වන නැකැත් යෙදී තිබුණේ.
නැකැත් වෙලාවට අපි නුවර යන්න බස් එකේ.
මතක ඇතිකාලේ ඉඳන්ම අම්මා හරි තාත්තා හරි තමයි හිස තෙල් ගැල්වූවේ.
මේ ගිය අවුරුද්දේ අම්මා මගේ හිස තෙල් ගාන වෙලාවේ ගත්ත වීඩියෝව. ඊළඟ අවුරුද්ද ට අම්මා අපි ළඟ නැතිවෙයි කියල නිකමටවත් හිතුණෙ නෑ.
ඉතින් මේ සැරේ තෙල් ගාන චාරිත්‍රය ඉටු නොකළත්, එදා හවස දළදා වහන්සේ වැඳ පුදා ගෙන අම්මා තාත්තට පින් දීලා නාථ දේවාලෙ පැත්තට ගියාම හිස තෙල් ගාපු නැති අය ඉන්නවනම් එන්න කියලා එතන දි තෙල් ගෑවා. මම මොන තරම් දළදා මාළිගාව වැඳ පුදාගෙන තිබුණත්, ඒ දවස වෙනකල්ම නාථ දේවාලෙ තියෙන පැත්තට ගිහින් තිබුණෙ නැහැ. එදා යන්න හිතුණා. හරියට අම්මා පාර පෙන්නුවා වගේ
ඉතින් අවුරුදු නිවාඩුවේ දවස් තුනක් අපිට නුවර ඉඳුම් හිටුම් දීලා බලන්න තියෙන තැන්වල එක්කන් ගිහින් සියලු පහසුකම් සැපයුවේ නැදෑකමකටත් එහා ගිය සංසාරික බැදීමක් තියෙන හොඳම හිතවතුන්. ඒ අයට නිදුක් නිරෝගී සුව සතුට සැනසුම ලැබේවා!
DGA Creative Home Designers
071 059 6034

මං වෙනුවෙන්, මගේ ජීවිතයේ අසීරු අවස්ථාවල පෙනී ඉඳිමින්, මාව පහතට ඇද දමද්දි, මාව පහත් කරන්න බොරු කතා පතුරවද්දි ඒ මත ප්‍රතික...
14/04/2026

මං වෙනුවෙන්, මගේ ජීවිතයේ අසීරු අවස්ථාවල පෙනී ඉඳිමින්, මාව පහතට ඇද දමද්දි, මාව පහත් කරන්න බොරු කතා පතුරවද්දි ඒ මත ප්‍රතික්ෂේප කරමින් මං වෙනුවෙන් පෙනී හිටපු, මට නැගිටින්න අත හිත දීපු, මං වෙනුවෙන් කාලය, ධනය, ශ්‍රමය කැප කළ හැම මනුස්සයෙක්වම මේ සොබාදහමෙන් ආරක්ෂා කරන්න ඕනි.🙏❤️

ඒ අයගෙ ජීවිතවල අසීරු කාලවල මං වෙනුවෙන් කළ කැපකිරීම් පිනක් වෙලා ඒ අසීරු අවස්ථා මග හැරෙන්න ඕනි. ඒවට හොඳින් මුහුණ දෙන්න මානසික ශක්තිය ලැබෙන්න ඕනි.🙏❤️

පීඩනයක්, දුකක් දැනෙන හැම මොහොතකම මානසික සුවයට හේතු ලැබෙන්න ඕනි.
මගෙ පිටිපස්සෙන් ඉඳල මට පහරද්‍ර්න මිනිසුන්ට වයිර නොකර උපේක්ෂාවෙන් විඳ දරාගන්න පුරුදු කළ ඒ උතුම් මිනිසුන්ට උතුරන්න හරියන්න ඕනි.

අද ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද මට වගේම, මං වෙනුවෙන් පෙනී ඉඳපු, මාව රැකගත්ත හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!🙏❤️🌷

DGA Creative Home Designers
071 059 6034

21/03/2026

හරියට වැඩ ද?
DGA Creative Home Designers
071 059 6034




゚viralシ
゚viralシfypシ゚

19/03/2026

ඉතින් මම තල හදන, තල විකුණන, කෑම හදන වීඩියෝ දැකලා inbox එක messages වලින් පිරිලා.

මම ම පෙනී ඉඳලා දාපු වීඩියෝවෙන් පස්සෙ.

මම වැඩ කරන කාලේ මගෙ office යාළුවොත් ඒ අතර හිටියා. වැඩි පිරිසක් තල කැරලි ගැන විස්තර අහලා තිබුණා. ඒ අතරින් කිහිප දෙනෙක් ම මගෙන් තල කැරලි order කළා.

මම job එකෙන් අයින් වෙලා free lancer කෙනෙක් හැටියට වැඩ කරන්නෙ මගේ තාත්තා අසනීප වුණු 2008 ඉඳලා.

ඉතින් කොවිඩ් වසංගතයෙන් පස්සෙ අපේ රටේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ඇතිවුණු කඩා වැටීමත් එක්ක තමා මගේ මේ DGA Food Products ව්‍යාපාරය ඇරඹෙන්නෙ. බොහොම බාධා කම්කටොලු මැද.

ඉතින් තවමත් මම මගේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ වැඩ නවත්තලා නැහැ. ඒ සම්බන්ධව මගෙ page එක DGA Creative Home Designers.

මේ page එකේ ඉන්න ආදරණීය followers ලා හැමෝටම පුළුවන් ඒ page එකට එකතු වෙලා ඔයාලගේ ඉදිකිරීම් නිර්මාණ කටයුතු, බැංකු ණය වලට Estimates වගෙ සේවාවන් ලබාගන්නත්.

071 059 6034
Gerly De Zoysa

19/03/2026
25/02/2026

පුංචිම පුංචි ගෙයක්.....
සැළසුමක් නිර්මාණය කරගන්න
අපේ පිටුව follow කරලා තියාගන්න
DGA Creative Home Designers
071 059 6034
゚viralシ ゚viralシfypシ゚

අම්මාගේ තෙමස් පූර්ණ ගුණ සමරු ධර්ම දේශනාමය පිංකම අද........මාස 3ක් ඉක්ම ගියත් තාම ළඟ ඉන්නවා වගේ. කතා කරනවා වගේ. මීට වසර 1...
09/02/2026

අම්මාගේ තෙමස් පූර්ණ ගුණ සමරු ධර්ම දේශනාමය පිංකම අද........මාස 3ක් ඉක්ම ගියත් තාම ළඟ ඉන්නවා වගේ. කතා කරනවා වගේ.
මීට වසර 11කට පෙර අපෙන් සමුගත් තාත්තාටත් අම්මාටත් ඔවුන් කළ පින්, අප කළ, කරන්නා වූ පින් නිර්වාණය පිණිසම හේතුවේවා!🙏🙏🙏❤️

Address

333 B, Wathuyaya
Kuruwita

Website

Alerts

Be the first to know and let us send you an email when DGA Creative Home Designers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share