14/10/2021
අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල බොහෝ දෙනෙක් කතා කරන ශාකයක් ගැන. ඒ තමයි යකිනාරං ශාකය.
මෙය පැඟිරි කුලයට අයත් ශාකයක්. ලංකාවේ අතරමැදි කලාපයේ සහ වියළි කලාපයේ බහුලව දක්නට ලැබෙන මෙම ශාකය තෙත් කලාපයේ සුළු වශයෙන් දක්නට ලැබෙනවා. බොහෝවිට වනගතව වැවෙන මෙම ශාකය ඔබට පුළුවන් පහසුවෙන්ම බදුනක හිටවගන්නත් ඔබේ ගෙවත්තේ.
මෙම ශාකයේ සියලුම ශාක කොටස් ඖෂධීය වටිනාකමකින් යුක්ත වෙනවා.
අපි කතා කළ යුතු වඩාත් වැදගත් ම මාතෘකාව තමයි යකිනාරං ශාකයේ තියෙන ඖෂධීය වටිනාකම,
🌱සෙම්ප්‍රතිශාව, සෙම් රෝග, ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා යකිනාරං පත්,ර ගෙඩි, පොතු ආදිය දමා තැම්බූ ජල වාෂ්ප ආග්‍රහනය සිදුකර කරන්නට පුළුවන්. කොරෝනා රෝගය ආසාදනය වූ පුද්ගලයන් සහ රෝගයෙන් ආරක්ෂා වීම සඳහා යකිනාරං පත්‍ර (ශාක කොටස්) තැම්බූ හුමාලය ආග්‍රහනය මේ දවස්වල සුලභ කාරණයක්.
🌱යකිනාරං පත්‍ර යොදාගෙන සකස් කළ කොළ කැඳ මඟින් සෙම ආශ්‍රිත රෝග මර්දනය කරන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි කොළ කැඳ පානය කිරීම මගින් අක්මාවේ තෙල් තැන්පත් වීම, රුධිරයේ මේදය ප්‍රමාණය ආදිය පාලනය කරන්නට හැකි බව වෛද්‍ය විද්‍යාව ඔප්පු කර තියෙනවා.
🌱එසේම සම ආශ්‍රිත රෝග සඳහා යකිනාරං කොළ තැම්බූ වතුරෙන් සේදීම වඩාත් ගුණදායකය. ඒ එහි ඇති විෂබීජ නාශක ගුණය හේතුවෙනි.
🌱යකිනාරං කොළ යොදා දුම් ගැසීම මගින් මදුරුවන් පලවා හරින්නට පුලුවන්. ඒසේම යකිනාරං ශාකයෙන් ලබා ගන්නා පැගිරි තෙල් සමේ ආලේප කිරීම මගින් මදුරුවන් පළවාහරිනටත් පුළුවන්.
යකිනාරං ශාකයක් හදා ගන්න ආකාරය තමයි අපි ඊලගට බලන්න යන්නෙ,
මෙම ශාකයේ හැදෙන කුඩා ගෙඩිවල ඇති බීජ පැල කිරීමෙන් ලබා ගන්න පුලුවන් කුඩා පැලයක්.
සරල සූර්‍ය ප්‍රචාරක ව්‍යුහයක් යොදාගෙනත් අතු පැල කරන්න ඔයාලට පුලුවන් ඉතාමත් පහසුවෙන්.
ඉතාමත් ඉහල ඖෂධීය වටිනාකම්ක් තියෙන යකිනාරං ශාකයට ඔයාගේ ගෙවත්තෙත් ඉඩක් වෙන් කරන එක වඩාත් ප්‍රයෝජනවත් වේවි.🪴🪴🪴🪴