25/01/2022
⭐⭐⭐තාමත් නිතරම අහන ප්‍රශ්නයක් තමයි ඉදිකිරීම් වලදි කලුගල් බැම්ම ඕනිද, නැතිනම් ටයි බීම් එක පමණක් ඇතිද කියන එක. පහල ලිපිය කියවල බලලා ඔබට පුලුවන් අදහසක් ගන්න⭐⭐⭐
Concrete සහ කම්බි වලින් තට්ටු නිවාස ගහන්න කලින් අපේ තිබුනේ තනි තට්ටුවෙ නිවාස. එවැනි ඉදිකිරීම් වල බර පොලවට සම්ප්‍රේශනය වෙන්නෙ බිත්ති සහ කලුගල් බැම්ම හරහා. එවැනි ඉදිකිරීම් සඳහා කලුගල් බැම්ම අත්‍යාවශය වෙනව බර පොලවට සම්ප්‍රේශනය කරන්න වෙන යාන්ත්රනයක් නොමැති නිසා. පසු කාලිනව concrete සහ කම්බි පාවිච්චි කරලා slab සහිත ඉදිකිරීම් කරනකොට පොඩි ගොඩනැගිලි වල බර පොලවට සම්ප්‍රේශනය වෙන මූලික යාන්ත්‍රනය වෙන්නෙ බේස් වල. ඒවගේ අවස්තාව බර දැරීම සම්බන්ධයෙන් කලුගල් බැම්මෙ ඇති වැදගත් කම අඩුයි. වර්තමානයේ බොහෝ ඉදිකිරීම් වල කලුගල් බැම්ම යොදාගන්නෙ, ground floor එකේ බිත්ති වල බර පොලවට දෙන්න, බිම් මහල පොලවෙන් එසවෙනකොට පිරෙන පස් රඳවගන්න සහ සත්තු හාරන එකට බාදකයක් විදිහට වගේ maintenance කාරණා වලට. බර දරන බිත්ති යොදනවා අඩුයි. දැන් බොහෝ අය ඉදිකිරීම් පිරිවැය අඩු කරන්න අඟල් 9 බිත්ති වෙනුවට අඟල් 4-6 block ගල් බිත්ති යොදාගන්නවා. එතකොට බිතියේ බරත් අඩු නිසා හයිය වියලි පසක් තියන ඉඩමක, බිම් මහලේ බිත්ති වල බර ටයි බීම් එකෙන් පමනක් පොලවට සම්ප්‍රේශනය කරන්න පුලුවන්. එතකොට ගේ වටේ විතරක් කලුගල් බැම්ම දාල මැද බිත්ති යට ටයිබීම් දාන්න පුලුවන්.
ඉහත තියෙන්නෙ බොහොම සරල දළ වශයෙන් කරන පැහැදිලි කිරිමක් පමණයි. මේක තමයි හොඳම option එක කියලා සම්මතයක් නෑ සහ mind set එකක් හදාගතයුතු නෑ. අවස්තාව අනුව, ඉදිකිරීමේ කල්පැවැත්මට බලපෑමක් නොවෙන්න සහ ඉදිකිරීම් පිරිවැය අඩුවෙන විදිහට අවශ්‍ය ලෙස තීරණය ගන්න ඕනි. උදාහරණයක් විදිහට blind wall එකක් ගත්තොත්, අපිට කනුව බේස් වල මැදට දාන්න බෑ. ඒවගේ අවස්තාවක ඉංජිනේරු උපදෙස් අනුව ටයි බීම් දාල නැතිනම් කනුවෙන් 70% විතර බර බිත්තියට එනවා. එහෙම අවස්තාවක කලුගල් බැම්ම නැතිනම් ගැටලුවක්. ඒවගෙම උඩ පස් ස්තර දුර්වල තැනක නිකන් ටයිබීම් එක විතරක් හරියන්නෙ නෑ. ගලුගල් බැම්ම අවශ්‍ය වෙනවා එහෙම නැතිනම්, ටයි බීම් එකෙන් කනුවට බර ගිහින්, එතනින් බේස් එක හරහා පොලවට බර යන ලෙස ව්‍යුහය සැකසී තිබිය යුතුයි. තව සමහර වෙලාවට architect ලා කැමති නෑ 4"-6" බිත්ති වලට. එහෙම අවස්තාවල අපිට පුලුවන් 9" බිත්ති සහ ගල් බැම්ම මගින් බර දරන බිත්ති දාල ඉදිකිරීමට අවශ්‍ය කොන්ක්‍රීට් සහ කම්බි ගොඩක් අඩු කරන්න. කනු නැතිව උනත් 9" බිත්ති මත slab දාන්න පුලුවන්. 4"-6" බිත්ති උනත් අර්ධ බර දරන බිත්ති ලෙස යොදාගන්න පුලුවන්.
තව කියන්න ඕනි කාරණා තමයි තමයි, ඉංජිනේරු මගපෙන්වීම නැතුව හදන ගෙවල් වල slab කම්බි වැඩියි හැබැයි බීම් ප්‍රමානවත් ලෙස වැරගන්වන්නෙ නෑ. ඒවගේ අවස්තාවල, බීම් එකට දරන්න බැරි බර කොටස යට බිත්තියක් තියනවනම් ඒ මත එනවා. ඒ බිත්තිය යට ගල් බැම්ම නැතිනම් එතන බහිනවා. ඒ නිසා මේක තමයි හොඳම, අරක තමයි හොඳ කියලා මුලින් තීරණයක් අරන් වැඩේට බහින්නෙපා අවස්තාවට ගැලපෙනලෙස තීරනය කලයුතුයි.
ඉහත කරුණු සහ පිරිවැය අවම වෙන ලෙස ව්‍යුහය සැකසීම ගැන සැළකිල්ලක් දක්වන තැනේ හැටියට ඇණේ ගහන, විශය කරුණු සහ ප්‍රායොගික කරුණු ගැන අවබෝධයක් ඇති ව්‍යුහ ඉංජිනේරුවෙකුට පුලුවන් ඔබගේ ඉදිකිරීම සඳහ අවශ්‍ය හොඳම option එක ලබා දෙන්න.
පහතින් දැක්වෙන්නෙ තද කබොක් පසක් සහිත ඉඩමක තෙමහ්ල නිවසක (GF+1F+Terrace) බේස් සහ ටයිබීම් සැලසුමක්. නිවස වටා පමණක් කලුගල් බැම්ම යොදාගෙන ඇති අතර ඇතුලත 4” block ගල් බිත්ති ටයිබීම් එක මත තමයි තියෙන්නෙ.
උපුටා ගැනීමකී.