14/07/2026
අපි කැමතී ඔබට සහාය වෙන්න..
1. පදිංචියට සුදුසු නාගරික පහසුකම් සහ වෙනත් සියලු කරුණු සමග සුදුසු ප්‍රදේශයක ඉඩමක් තෝරා ගැනීම.
2. ඉඩම් සැලසුම් අනුමත කිරීම සඳහා උපදේශන සේවාවන් සහ සහාය.
3. තෝරාගත් ඉඩමට සහ ඔබගේ අවශ්‍යතාවයන්ට, අයවැයට සරිලන පරිදි ගුණාත්මක නිවාස සැලසුම් නිර්මාණය කිරීම.
4. නාගරික හා ප්‍රාදේශීය නීති රීති රෙගුලාසිවලට යටත්ව ඉදිකිරීම් සැලසුම් අනුමත කිරීමේ කටයුතු සඳහා සහාය.
5. භූමියේ ස්වභාවය අනුව තෝරා ගත් අත්තිවාරම නිසි තත්ව පාලනයන් යටතේ මුල්ගල් තබා භූමියේ පිහිටුවීම ඇතුළුව අත්තිවාරමේ සිට වහලය දක්වා සම්පූර්ණ නිවස සාදා නිම කිරීම සඳහා අපගේ දක්ෂ පෙදරේරුවන්, විදුලි කාර්මිකයන්, වඩුකාර්මිකයන් සහ වැඩ බිම් පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සම්පූර්ණ ඉදිකිරීම නිමවන තෙක් අපි ඔබ සමග රැදී සිටින්නෙමු.
* ඉදිකිරීම් සැලසුම් සකස් කිරීමේ සිට ඉදිකිරීම් ආරම්භයේ සිට අවසානය දක්වා ඔබේ අවශ්‍යතාවය සහ ප්‍රාදේශීය පාරිසරික දේශගුණික තත්ත්වයන්ට අනුව ඉදිකිරීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය තෝරාගැනීම, ඉදිකිරීම් භූමියේ පසට ගැලපෙන අත්තිවාරම් නිර්මාණය කිරීම, වර්ෂාව හිරු කිරණ සුළඟ ඇතුළු ස්වභාවික තත්ත්වයන් යටතේ ඔබේ නිවසේ දිශානතීන්, පිහිටීම, උස, දිග, පළල, ඇතුළු සියලු වෙනස්කම් සිදුකිරීම් සඳහා ඔබ සමග සම්බන්ධීකරණය වෙමින් නිවැරදි උපදෙස් ලබාදීමට අප නිරන්තරයෙන් කටයුතු කරන්නෙමු.