09/05/2026
👉ඔයාගේ ගෙදරත් ලස්සන කරගන්න ගෙවත්ත සැලසුම් කිරීමේදී ගස් සිටුවීමට සිතනවාද?🤔
👉 එහෙනම් එය හුදෙක් අලංකාරයට පමණක් නොව ආරක්ෂාවට සහ ක්‍රමවත් බවට ද හේතු වන පරිදි සිදු කිරීම වැදගත් වේ.
👉ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් අපි කියල දෙන්නම්.
1. නිවසෙහි පාදමට සිදුවන හානි.
👉මෙය වලක්වා ගැනීමට ගස් සහ නිවස අතර නිසි පරතරය පවත්වා ගැනීම වඩාත් සුදුසුම ක්‍රමයයි. ගසක් වැඩුණු පසු එහි අතු විහිදෙන ප්‍රමාණයට සමාන දුරක් නිවසේ සිට පවත්වා ගැනීම සුදුසුය.
👉විශාල ගස් ප්(උදා: අඹ, කොස් ) නිවසේ සිට අවම වශයෙන් අඩි 20-30 ක් වත් ඈතින් සිටුවන්න.
👉මධ්‍යම ප්‍රමාණයේ ගස්: (උදා: ජම්බු, පේර) අවම වශයෙන් අඩි 10-15 ක් වත් ඈතින් සිටුවන්න.
👉 තවද මුල් බාධක භාවිතය (Root Barriers) නිවසට ආසන්නයෙන් ගසක් තිබේ නම්, එහි මුල් අත්තිවාරම දෙසට ගමන් කිරීම වැළැක්වීමට භූගත බාධක යෙදිය හැකිය.
👉අත්තිවාරම සහ ගස අතර අඩි 3-4 ක් ගැඹුරට පටු අගලක් කපා එම අගලට ඝන පොලිතීන් ස්ථරයක් හා කොන්ක්‍රීට් පුවරු යොදා නැවත පස් පුරවන්න. එමගින් මුල්වලට බාධකයක් ඇතිවන අතර ඒවා නිවස දෙසට විහිදීම පාලනය වේ.
👉පාදම අසල පසෙහි තෙතමනය සමතුලිතව තබා ගැනීම,
බොහෝ විට අත්තිවාරම ඉරිතැලීමට හේතු වන්නේ මුල් මගින් පසෙහි ඇති තෙතමනය අධික ලෙස උරා ගැනීම නිසා පස හැකිළීමයි.
👉සමතුලිත ජල සම්පාදනය මගින් වියළි කාලගුණයක් ඇති විට ගෙවත්තේ ගස්වලට නිසි පරිදි ජලය සැපයීම ලැබීමෙන් මුල් ජලය සොයා අත්තිවාරම දෙසට ඇදී ඒම පාලනය කළ හැකිය
👉මුල් කප්පාදු කිරීම (Root Pruning)
පවතින ගසක මුල් අත්තිවාරමට හානි කරන බව පෙනී යන්නේ නම්, විශේෂඥ උපදෙස් මත අත්තිවාරම දෙසට එන මුල් පරෙස්සමින් කපා ඉවත් කර එම ස්ථානයට ඉහත සඳහන් කළ Root Barrier එකක් යෙදිය හැකිය.
2. ඉඩම සහ ගොඩනැගිලි පිළිබඳ අවධානය යොමු කිරීම.
👉ගස් සිටුවීමට පෙර ඔබේ ඉඩමේ ප්‍රමාණය සහ නිවසේ පිහිටීම ගැන සැලකිලිමත් වන්න.
👉එනම් නිවසට ඇති දුර, විශාල අතු විහිදෙන සහ මුල් ගැඹුරට යන ගස් (උදා: නුග, ඇටඹ) නිවසට ඉතා ආසන්නව සිටුවීමෙන් වළකින්න. එමගින් නිවසේ අත්තිවාරමට හෝ වහලයට හානි විය හැක.
තාප්ප සහ මායිම් වලට ඇති දුර, අසල්වැසි ඉඩම්වලට සහ මායිම් තාප්පවලට අවම වශයෙන් අඩි 5-10 ක් වත් දුරින් ගස් සිටුවීම අනාගතයේදී ඇතිවිය හැකි ගැටලු අවම කරයි.
3. හිරු එළිය සහ සුළං දිශාව ඉතාම වැදගත්.
👉සෙවණ ලබා ගැනීම, නිවසට අධික හිරු රශ්මිය වැටෙන බටහිර දිශාවෙන් සෙවණ ලබා දෙන ගස් සිටුවීමෙන් නිවස තුළ සිසිලස පවත්වා ගත හැක.
👉ස්වභාවික වාතාශ්‍රය,ජනේල අසලින්ම උස ගස් සිටුවීමෙන් නිවසට ලැබෙන සුළඟ අවහිර විය හැකි බැවින්, ඒ ගැන අවධානය යොමු කරන්න.
4. ගස් වර්ග තෝරා ගැනීම
ඔබේ අවශ්‍යතාවය අනුව ගස් වර්ග තීරණය කරන්න.
👉ඵලදාව ලබා දෙන ගස් - අඹ, රඹුටන්, ජම්බු වැනි ගස්.
👉ඖෂධීය ශාක - කරපිංචා, මුරුංගා වැනි ශාක.
👉විසිතුරු ශාක - මල් සහ අලංකාර කොළ සහිත ශාක.
👉ප්‍රමාණය - ගස සම්පූර්ණයෙන් වැවුණු පසු කොපමණ උසක් සහ පළලක් ගන්නේද යන්න කලින් දැන සිටීම අත්‍යවශ්‍ය වේ.
5. සිටුවීමේ ක්‍රමවේදය
👉ජලාපවහනය. ජලය රඳා පවතින ස්ථානවල ගස් සිටුවීමෙන් මුල් කුණු විය හැකි බැවින්, ජලය බැස යන ක්‍රමවේදය නිසි ලෙස සකස් කරන්න.
👉භූගත පද්ධති. විදුලි රැහැන්, ජල නල හෝ වැසිකිළි පද්ධති (Septic tanks) මත ගස් සිටුවීමෙන් වළකින්න.
🟠වැඩි විස්තර සඳහා අමතන්න,
☎️075 766 5012 සජීව
☎️077 041 0178 උත්පලා