26/03/2026
🚨 නිවාස ණයක් අරගෙන ගෙයක් හදලා තියෙනවද? මේ වැදගත් පණිවිඩය අනිවාර්යයෙන් කියවන්න!
ඔබගේ ගෙදරට ගං වතුර, සුළං, ගින්න හෝ වෙනත් ආපදාවකින් හානි වුනාද?
එසේනම් ඔබට රක්ෂණයෙන් වන්දි ලබා ගන්න පුළුවන් කියලා දන්නවාද? 🤔
බොහෝ දෙනා හිතන්නේ
👉 “අපි ගෙදරට Insurance කරලා නෑ” කියලා.
⚠️ හැබැයි ඇත්ත වෙනස්.
ඔබ බැංකුවකින් නිවාස ණයක් (Housing Loan) අරගෙන ගෙයක් හදලා තියෙනවානම්,
හෝ
ඉඩමක් / ව්‍යාපාරයක් සඳහා Bank Loan එකක් අරගෙන තියෙනවානම්,
👉 බොහෝ විට බැංකුව ඔබේ දේපළට Property Insurance එකක් කරලා තියෙනවා.
ඒ Insurance ඔබ ගෙවන loan installment එකෙන්ම වාර්ෂිකව කපනවා.
ඒ නිසා
✔️ ගං වතුර
✔️ ගින්න
✔️ කුණාටු
✔️ වෙනත් ස්වභාවික ආපදා
වගේ දේවල් වලින් ඔබේ ගෙදරට හානි වුනොත් Insurance claim එකක් දාලා වන්දි ලබා ගන්න පුළුවන්.
📌 ඔබ කළ යුතු දේ
ඔබ loan එක ගත්ත බැංකුවට ගිහිල්ලා Insurance policy එක ගැන අහන්න
Policy number එක ලබා ගන්න
Damage photos සහ details ලබා දෙන්න
Insurance claim එක submit කරන්න
⚠️ මේක බොහෝ දෙනා නොදන්න වැදගත් තොරතුරක්.
ඒ නිසා
👉 මේ post එක share කරලා තවත් කෙනෙක්ට උදව් කරන්න.