15/10/2026
වැස්සට මම මෙච්චර ආදරේ ඇයි කියලා මමවත් දන්නේ නැහැ. ඒත් වැහි බිංදු වැටෙන හඬ, අහස පුරා පැතිරුණු අළු පාට, ගොඩනැගිලිවල තියෙන ඒ අපූරු සුන්දරත්වය එක්ක හිතට දැනෙන නිස්කලංක බව… ඒ හැඟීම වචනවලින් විස්තර කරන්න හරි අමාරුයි.
වැස්ස වැටෙනකොට ලෝකය තවත් ලස්සනයි කියලා මට හිතෙනවා. සමහරවිට ඒ පරිසරයේ තියෙන සුන්දරත්වය නිසා වෙන්න ඇති. එහෙමත් නැත්නම් ඒ නිහඬ බව නිසා වෙන්න ඇත
සමහරු හිරු එළිය පස්සේ යනවා. ඒත් මම නම් හැමදාමත් ආදරය කරන්නේ වැස්සටයි. 🌧️❤🖤🖤