CHEnge construction මිනුවන්ගොඩ

CHEnge construction මිනුවන්ගොඩ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CHEnge construction මිනුවන්ගොඩ, Construction Company, Minuwangoda.

CHEnge Construction – Minuwangoda (Pvt) Ltd යනු මිනුවන්ගොඩ සහ අවට ප්‍රදේශවල නිවාස ඉදිකිරීම් හා සම්බන්ධ ඉදිකිරීම් සේවා සපයන ආයතනයකි.

''Small Civil & Building Contractor”

077 906 73 79 / 077 808 1083

🏗️ **කොන්ක්‍රීට් එක දාලා සතියෙන් Slab එකේ Props ගලවන්න හදනවද?****Deshuttering Time** ගැන දැනගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා...
01/10/2026

🏗️ **කොන්ක්‍රීට් එක දාලා සතියෙන් Slab එකේ Props ගලවන්න හදනවද?**

**Deshuttering Time** ගැන දැනගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ⚠️

“දැන් Concrete එක හොඳටම වේලිලා ඇති…
ලෑලි ටික ගලවලා ඊළඟ වැඩේ පටන් ගමු.”

කියලා ඉක්මනට **Props** ගලවන එක Construction Site එකකදී හදිසි තීරණයක් වෙන්න පුළුවන්.

කොන්ක්‍රීට් එක පිටතින් තදට පෙනුණා කියලා, ඒකෙන් පමණක් **Slab එක තමන්ගේ බර සහ ඉදිකිරීම් අවස්ථාවේ යෙදෙන බර ආරක්ෂිතව දරාගන්න පුළුවන්** කියලා තීරණය කරන්න බැහැ.

# # # 🏗️ Formwork සහ Props දෙක එකම දෙයක් නෙවෙයි!

**Soffit Formwork** එක ඉවත් කරන කාලය සහ **Props** ඉවත් කරන කාලය වෙනස්.

උදාහරණයක් ලෙස BS 8110-1 හි සාමාන්‍ය Portland cement concrete සඳහා දක්වන minimum periods අනුව, concrete surface temperature 16°C පමණ වන අවස්ථාවක:

🔹 **Vertical Formwork**
Columns, Walls සහ Beam sides සඳහා — පැය 12ක් පමණ සිට

🔹 **Slab Soffit Formwork**
**Props තවදුරටත් තබාගෙන** — දින 4ක්

🔹 **Slab Props**
— අවම වශයෙන් දින 10ක් පමණ

🔹 **Beam Soffit Formwork**
— දින 10ක් පමණ

🔹 **Beam Props**
— දින 14ක් පමණ

මේවා **minimum guidance** එකක් මිස “හැම Project එකකටම මේ දින ගණනම” කියන නීතියක් නෙවෙයි. Concrete එකේ strength development, cement type, temperature, curing, span, loads සහ structural design වැනි කරුණු අනුව කාලය වෙනස් විය හැකියි.

# # # ⚠️ එහෙනම් දින 28 කියන්නේ මොකක්ද?

**28-day compressive strength** කියන්නේ Concrete strength එක මැනීමේදී බහුලව භාවිතා කරන reference age එකක්.

ඒකෙන් අදහස් වෙන්නේ **“Slab එකේ Props දින 28කට කලින් කිසිම අවස්ථාවක ගලවන්න බැහැ”** කියන එක නෙවෙයි.

Formwork / Props ඉවත් කරන තීරණය ගන්න ඕනේ **structural requirement සහ concrete එක ලබාගෙන ඇති strength එක** සලකා බලලා. BS 8110 එකත් formwork supporting flexural members ඉවත් කිරීමේදී concrete element එකේ strength සහ unacceptable deflection නොවීම වැනි කරුණු සලකා බලන බව සඳහන් කරයි.

# # # 🔨 ඒ නිසා Site එකේ මතක තියාගන්න...

**ලෑලි ගලවන එක ≠ Props ගලවන එක**

Slab එකේ **Soffit Boards** ගලවලා Props තවදුරටත් තබාගැනීම එක් දෙයක්.

Props සියල්ලම ගලවා Slab එක සම්පූර්ණයෙන්ම self-supporting කිරීම තවත් දෙයක්.

ඒ වගේම ඊළඟ Floor එකේ Construction Work පටන්ගන්නවා නම්, පහළ Slab එකට අලුතින් එන Construction Loads ගැනත් සැලකිලිමත් වෙන්න ඕන.

👉 **ඒ නිසා “දවස් කීයක් ගියාද?” කියන එක විතරක් බලලා Props ගලවන්න එපා.**

**Drawing + Specification + Concrete Strength + Site Conditions + Structural Engineer's instruction** — මේ සියල්ල සලකා බලන්න.

🏠 ගෙයක් හදනකොට ලස්සනට පෙනෙන වැඩවලට වඩා, ඇතුළෙන් නිවැරදිව කරන වැඩ තමයි වැදගත්.

**CHEnge Construction Sri Lanka (Pvt) Ltd**
🏗️ *Responsible Construction • Quality • Technical Knowledge*

📞 **Call / WhatsApp:**
**077 906 7379 | 077 808 1083**

📍 **585, Horampalla, Minuwangoda**

**ඔබේ ගෙදර Construction එක ගැන technical කරුණක් දැනගන්න ඕනේ නම්, Comment එකක් දාන්න. අපි ඒ ගැනත් කතා කරමු.** 👇

🌿🏫 පාසලක් ලස්සන වෙන්නේ ගොඩනැගිලිවලින් විතරක් නෙවෙයිදරුවන් දිනපතා ගැවසෙන පරිසරයත්ඔවුන්ගේ මතකවල කොටසක් වෙනවා. ❤️📍 මිනුවන්ග...
27/09/2026

🌿🏫 පාසලක් ලස්සන වෙන්නේ ගොඩනැගිලිවලින් විතරක් නෙවෙයි

දරුවන් දිනපතා ගැවසෙන පරිසරයත්
ඔවුන්ගේ මතකවල කොටසක් වෙනවා. ❤️

📍 මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි අතර ඇති අවකාශයන් වඩාත් සුන්දර හා පිළිවෙළකට සකස් කිරීම සඳහා විවිධ Garden Landscaping & Decorative Construction Works මේ වන විට CHEnge Construction අපි විසින් සිදුකරමින් පවතිනවා.

🧱 Brickwork වලින් නිර්මාණය කරන ලද Garden Features
🌿 ගස් වටා අලංකාර Garden Borders
🪨 විවිධ වර්ණ හා හැඩයන්ගෙන් යුත් Decorative Stone Work
🌱 පාසල් පරිසරයට ගැළපෙන Landscaping Designs

අපිට මේක තවත් එක් Construction Project එකක් විතරක් නෙවෙයි.

දරුවන් පාසලට එන හැම දවසකම දකින,
විවේකයකදී ගැවසෙන,
අනාගතයේ මතකයක් බවට පත්වන
සුන්දර පාසල් පරිසරයක් නිර්මාණය කිරීමේ වැඩක්. 🌿❤️

අවකාශය කුඩා වුණත්, නිවැරදි Design + Planning + Construction එක්ක එය ලස්සනට භාවිතා කළ හැකි පරිසරයක් බවට පත් කරන්න පුළුවන්.

ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ හෝ ආයතනයේ Outdoor Space එකත් අලුත්ම පෙනුමකට ගේන්න අදහසක් තියෙනවා නම් — අපිත් එක්ක කතා කරලා බලන්න.

📞 Call / WhatsApp
077 906 7379 | 077 808 1083

📍 CHEnge Construction Sri Lanka (Pvt) Ltd
Minuwangoda

Design එකෙන් පටන්ගෙන, වැඩේ අවසන් වන තුරු වගකීමෙන්. 🏗️🌿

ගෙයක් හදද්දී වෘත්තීය ඉංජිනේරුවරයෙකුගේ උපදෙස් ලබාගැනීමේ වැදගත්කම! 🏡ඔබේ ජීවිතයේ විශාලතම සහ වටිනාම ආයෝජනයක් තමයි "තමන්ගේම ක...
24/09/2026

ගෙයක් හදද්දී වෘත්තීය ඉංජිනේරුවරයෙකුගේ උපදෙස් ලබාගැනීමේ වැදගත්කම! 🏡

ඔබේ ජීවිතයේ විශාලතම සහ වටිනාම ආයෝජනයක් තමයි "තමන්ගේම කියලා නිවසක් හදන එක." ❤️ ගෙයක් හදන්න පටන් ගද්දි හුඟක් දෙනෙක් පෙදරේරුවන් හෝ සාමාන්‍ය කොන්ත්‍රාත්කරුවන් මත පමණක් විශ්වාසය තබනවා. නමුත් වෘත්තීය ඉංජිනේරුවරයෙකුගේ (Structural/Civil Engineer) උපදෙස් සහ අධීක්ෂණය ලබාගැනීම ඔබේ නිවසේ සුරක්ෂිතභාවයට සහ සාක්කුවට කොච්චර වටිනවද කියලා ඔබ දන්නවාද? 🤔

මෙන්න ඒකට බලපාන ප්‍රධානම හේතු කිහිපයක්: 👇

🛡️ 1. පදනමේ සහ ව්‍යුහයේ ශක්තිමත්භාවය
නිවසක් ඉදිවෙන්නේ පස මතයි. පසෙහි ස්වභාවය අනුව සුදුසුම අත්තිවාරම කුමක්ද, කණු සහ බීම් යෙදිය යුත්තේ කෙසේද යන්න නිවැරදිව තීරණය කරන්නේ ඉංජිනේරුවරයෙකි. මෙමගින් අනාගතයේදී බිත්ති ඉරිතැලීම් හෝ ගිලාබැසීම් සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකියි.

💰 2. අනවශ්‍ය වියදම් සහ අමුද්‍රව්‍ය නාස්තිය අවම වීම
වැරදි ගණනය කිරීම් නිසා අධික ලෙස කම්බි සහ සිමෙන්ති භාවිත කිරීමෙන් මුදල් නාස්ති වන අතර, අඩුවෙන් භාවිත කිරීමෙන් ගොඩනැගිල්ල අනාරක්ෂිත වේ. ඉංජිනේරුවරයෙක් නිවැරදි ඇස්තමේන්තු සකස් කර දෙන නිසා, අනවශ්‍ය වියදම්වලින් තොරව ප්‍රශස්තම අමුද්‍රව්‍ය ප්‍රමාණයෙන් ශක්තිමත් නිවසක් නිමවා ගත හැකියි.

📜 3. නීතිමය අනුමැතීන් පහසුවෙන් ලබාගැනීම
නගර සභා හෝ ප්‍රාදේශීය සභා මගින් ගොඩනැගිලි සැලසුම් අනුමත කරවා ගැනීමට වෘත්තීය සුදුසුකම් ලත් ඉංජිනේරුවරයෙකුගේ අත්සන සහ නිර්දේශය අනිවාර්ය වේ. මෙය අනාගතයේදී ඇතිවන නීතිමය ගැටලු රැසකින් ඔබව මුදවා ගනියි.

🌪️ 4. කාලගුණික සහ ස්වභාවික විපත්වලට ඔරොත්තු දීම
තද සුළං, ගංවතුර හෝ නායයෑම් වැනි ආපදා තත්ත්වයන්ට ඔරොත්තු දෙන අයුරින් නිවස සැලසුම් කිරීමේ වෘත්තීය දැනුම ඇත්තේ ඉංජිනේරුවරයෙකුට පමණි.

🏠 5. දිගුකාලීන කල්පැවැත්ම
තාවකාලික ලාභය නොව, වසර 50ක්-100ක් කිසිදු ව්‍යුහාත්මක දෝෂයකින් තොරව පවතින නිවසක් නිර්මාණය කරගැනීමට ඉංජිනේරුමය සැලසුම් අත්‍යවශ්‍ය වේ.

👨‍💼 6. ඉදිකිරීම් කටයුතු නිවැරදිව අධීක්ෂණය කිරීම
කොන්ත්‍රාත්කරුවන් හෝ බාස්වරුන් නිසි ප්‍රමිතියට වැඩ කරනවාද යන්න පරීක්ෂා කිරීමටත්, වැරදි අඩුපාඩු එවලේම නිවැරදි කිරීමටත් ඉංජිනේරු උපදේශනය ඉතා වැදගත් වේ.

එබැවින්, ගෙයක් හැදීමට පෙර සුදුසුකම් ලත් ඉංජිනේරුවරයෙකුගේ සහාය ලබාගෙන ඔබේ සිහින නිවස වඩාත් සුරක්ෂිත හා නිවැරදි ආයෝජනයක් බවට පත්කරගන්න. ✨🤝

😍 CHEnge Construction කණ්ඩායම — ඔබේ ලස්සන සිහින සැබෑවක් කරදීමට සූදානම්!
🏠 CHEnge Construction Sri Lanka (Pvt) Ltd
📍 Minuwangoda
📞 077 906 7379 | 077 808 1083
ඔබේ සිහින නිවස — අපි වගකීමෙන් ගොඩනගමු. 🏠🩷

🚫මේක “Spit Level” එකක් නෙවෙයි! ඔව්… **Spit** කියන්නේ කටේ තියෙන දෙයක් එළියට විසි කරන එකටනේ! 😅ඒත් ඉදිකිරීම් වැඩවලදී අපි භා...
24/09/2026

🚫මේක “Spit Level” එකක් නෙවෙයි!

ඔව්… **Spit** කියන්නේ කටේ තියෙන දෙයක් එළියට විසි කරන එකටනේ! 😅

ඒත් ඉදිකිරීම් වැඩවලදී අපි භාවිතා කරන මෙවලමට කියන්නේ **Spirit Level** කියලා.

ඒ නම ලැබෙන්නේ එහි ඇතුළත ඇති කුඩා වායු බුබුළ නිසයි. එම බුබුළ මැදට පැමිණි විට මතුපිට සමතලාද, සිරස්ද කියලා පරීක්ෂා කරගන්න පුළුවන්.

ඒ නිසා අද ඉඳන් හරියට කියමු…

✅ Spirit Level
❌ Spit Level

ගොඩනැගිලි ඉදිකිරීමේදී වචන නිවැරදිව භාවිතා කරන එක වගේම, මිනුම් සහ වැඩ කටයුතුත් නිවැරදිව කිරීම වැදගත්. 📐🏠

තාක්ෂණික දැනුමත්, නිවැරදි ක්‍රමවේදත් එක්ක ඉදිකිරීම් කටයුතු සිදුකරන CHEnge Construction.

📞 077 906 7379 | 077 808 1083
📍 Minuwangoda

🧱 තාප්පයක් හදනකොට මුලින්ම බලන්න ඕනේ තාප්පය නෙවෙයි — අත්තිවාරමයි!ඔබේ ඉඩම වටේ Boundary Wall එකක් ඉදිකරන්න කලින්, ඉඩමේ නියම...
23/09/2026

🧱 තාප්පයක් හදනකොට මුලින්ම බලන්න ඕනේ තාප්පය නෙවෙයි — අත්තිවාරමයි!

ඔබේ ඉඩම වටේ Boundary Wall එකක් ඉදිකරන්න කලින්, ඉඩමේ නියම මායිම නිවැරදිව තහවුරු කරගැනීම අතිශයින්ම වැදගත්. 📏🏡

තාප්පය ලස්සනට හදලා අවසන් කළාට පස්සේ, අත්තිවාරමේ කොටසක් අසල්වැසි ඉඩමට ගිහින් තිබුණොත් ඇතිවෙන්නේ අනවශ්‍ය ගැටලුවක්.

ඒ නිසා ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර,

🔹 ඉඩමේ මායිම නිවැරදිව තහවුරු කරගන්න.
🔹 තාප්පයේ අත්තිවාරම සම්පූර්ණයෙන්ම ඔබේ ඉඩම තුළ සැලසුම් කරන්න.
🔹 තාප්පයේ උස, බර සහ පසෙහි තත්ත්වය අනුව අත්තිවාරමේ ප්‍රමාණය තීරණය කරන්න.
🔹 අවශ්‍ය අවස්ථාවලදී කොන්ක්‍රීට්, reinforcement සහ drainage නිසි පරිදි යොදාගන්න.
🔹 වැසි ජලය අත්තිවාරම අසල රැඳී නොසිටින ලෙස නිසි ජලාපවහනයක් සලසන්න. 💧

⚠️ වැදගත්: මායිම සම්බන්ධයෙන් සැකයක් තිබේ නම්, අනුමානයෙන් වැඩ ආරම්භ නොකර සුදුසු මිනුම්/සර්වේ ක්‍රමයකින් මායිම තහවුරු කරගැනීම වඩාත් ආරක්ෂිතයි.

මොකද හොඳ Boundary Wall එකක් කියන්නේ ගඩොල් සහ සිමෙන්ති එකතු කරපු තාප්පයක් විතරක් නෙවෙයි.

නිවැරදි මායිම + නිවැරදි අත්තිවාරම + නිවැරදි ඉදිකිරීම් ක්‍රමය = දිගුකාලීන ශක්තිමත් තාප්පයක්. 🧱💪

🏠 ඔබේ ඉඩමටත් නිවැරදිව සැලසුම් කළ ඉදිකිරීමක් අවශ්‍ය නම්, CHEnge Construction සමඟ කතා කරන්න.

We Build Your Future Dream Home 🏘️

📞 077 906 7379 | 077 808 1083
📍 Minuwangoda

CHEnge Construction Sri Lanka (Pvt) Ltd

🏡 නිවසක් කියන්නේ බිත්ති හතරක් විතරක් නෙවෙයිඒ කියන්නේ අපි ආදරය කරන අය එක්කසතුටින් ඉන්න තැනක්❤️අපේ දුකක් මහන්සියක් අමතක කර...
23/09/2026

🏡 නිවසක් කියන්නේ බිත්ති හතරක් විතරක් නෙවෙයි

ඒ කියන්නේ අපි ආදරය කරන අය එක්ක
සතුටින් ඉන්න තැනක්❤️
අපේ දුකක් මහන්සියක් අමතක කරන තැනක්
අපේ මතක එකතු වෙන තැනක්

ඒ නිසාම තමයි Home Renovation එකක් කියන්නේ සාමාන්‍ය වැඩක් විදිහට අපි නොදකින්නේ.

📍 මිනුවන්ගොඩ – අස්ගිරිය ප්‍රදේශයේ
බම්බලපිටිය සම්පත් බැංකුවේ **Manager**වරයෙකු ලෙස සේවය කරන පුෂ්පීක විජේරත්න මහතාගේ නිවසේ Renovation & Finishing Worksසඳහා CHEnge Construction වෙත විශ්වාසයෙන් භාර දී තිබෙනවා.

🔨 Roof Renovation
🔨 මුල සිට Ceiling Works
🎨 Wall Painting
🪵 Door & Window Polishing*
🌿 Landscaping
🏠 තවත් අලුත්වැඩියා සහ Finishing Works

මේ සියල්ලම අපගේ Skilled & Experienced Craftsmen කණ්ඩායමක් සහ ආයතනික Continuous Supervision යටතේ, වැඩේට අවශ්‍ය Time Management එකත් පවත්වාගෙන, සාධාරණ මිල ගණන් යටතේ අදියරින් අදියර අවසන් කරමින් පවතිනවා.

අපි විශ්වාස කරන එක දෙයක් තියෙනවා

ගෙයක් ලස්සන කරනවා කියන්නේ, ගෙදර බිත්ති ටිකක් පාට කරන එක විතරක් නෙවෙයි.

එතන ජීවත් වෙන අයගේ
❤️ ආදරය,
😊 සතුට,
🫂 සැනසීම,
👨‍👩‍👧‍👦 පවුලේ මතක

ඒ හැමදේකටම ගැළපෙන විදිහට තමයි අපි **Renovation** එකක් කරන්න ඕනේ.

ඔබත් ඔබේ පවුල වෙනුවෙන් “ලස්සනට ජීවත් වෙන්න පුළුවන් නිවසක්”
ගැන සිහින දකිනවා නම්

අලුත් ගෙයක් හදන එකක් වුණත්, තියෙන ගෙදර අලුත්ම පෙනුමකට ගේන එකක් වුණත් — අපිත් එක්ක මුලින්ම කතා කරලා බලන්න. 🤝

📞 Call / WhatsApp:
077 906 7379 | 077 808 1083

📍CHEnge Construction Sri Lanka (Pvt) Ltd
Minuwangoda

ඔබේ නිවස… ඔබේ ආදරය… ඔබේ සිහිනය.
ඒ සිහිනය ලස්සන යථාර්ථයක් කරන්න අපි සූදානම්.❤️

21/09/2026

අත්තිවාරම හරියට දැම්මොත්… ගෙදර ශක්තියට හොඳ පදනමක්! 💪🏠

ගෙයක් ඉදිකිරීමේදී **අත්තිවාරම (Foundation)** කියන්නේ ඉතාම වැදගත් අදියරක්.

අද දවසේ අපගේ වැඩේ — Block බැඳීම අවසන් අදියරට. 🧱

✔️ නිවැරදි මට්ටමට
✔️ කෙලින් සහ පිළිවෙළට
✔️ Plan එකට අනුව
✔️ නිවැරදි ක්‍රමවේද සහ අධීක්ෂණය යටතේ

අපි විශ්වාස කරන්නේ ගෙයක් ලස්සනට පෙනීම විතරක් නෙවෙයි.
දිගුකාලීනව හොඳ තත්ත්වයෙන් පවත්වාගත හැකි ඉදිකිරීමක් ලබාදීමත් වැදගත්.

🏠 ඔබත් ඔබේ ඉඩමේ ගෙයක් හදන්න සැලසුම් කරනවාද?

Plan එක තියෙනවා නම් දැන්ම අපිට WhatsApp කරන්න.
ඔබේ අවශ්‍යතාවය, Plan එක සහ Site එකේ තත්ත්වය සලකා බලලා, වැඩේ සහ වියදම් ගැන පැහැදිලිව කතා කරමු.

📞 Call / WhatsApp:
077 906 7379 | 077 808 1083

📍 Minuwangoda

CHEnge Construction Sri Lanka (Pvt) Ltd

ඔබේ සිහින නිවස — ඔබේ අදහසට, අපේ ශිල්පීය දැනුමට සහ වගකීමට එකතු කරලා ගොඩනගමු. 🤝🏠

🏠ප්‍රංශයේ සිටින සංජීව මහතාගේ සිහින නිවසත්, ව්‍යාපාරික ස්ථානයත් — CHEnge Construction වෙතින්! 🇫🇷🇱🇰ප්‍රංශයේ සිටින සංජීව මහ...
21/09/2026

🏠ප්‍රංශයේ සිටින සංජීව මහතාගේ සිහින නිවසත්, ව්‍යාපාරික ස්ථානයත් — CHEnge Construction වෙතින්! 🇫🇷🇱🇰

ප්‍රංශයේ සිටින සංජීව මහතාගේ නිවස සහ ව්‍යාපාරික ස්ථානය යන දෙකම, මේ වන විට **දිවුලපිටිය ප්‍රදේශයේ CHEnge Construction ආයතනය විසින් ඉදිකරමින් පවතින අවස්ථාවක්.

විදේශයක සිටියත්, තමන්ගේ නිවස සහ ව්‍යාපාරික ස්ථානයේ ඉදිකිරීම් කටයුතු විශ්වාසයෙන් අප වෙත භාරදීමට** සංජීව මහතා කටයුතු කර තිබෙනවා. 🤝

ඒ විශ්වාසය අපිට වගකීමක්.

Foundation එකේ සිට අවසාන අදියර දක්වා, සෑම ඉදිකිරීම් අදියරකදීම නිවැරදි අධීක්ෂණය, පළපුරුද්ද සහ වෘත්තීයමය ක්‍රමවේද සමඟින් වැඩ කටයුතු සිදු කිරීම අපගේ අරමුණයි.

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයට, ඔබගේ අදහස් සහ සැලසුම්වලට අපගේ **ශිල්පීය දැනුම හා අත්දැකීම්** එකතු කරලා, ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලයට ළඟා කරවීම අපගේ වගකීමයි.

🇱🇰 ඔබ ශ්‍රී ලංකාවේ සිටියත්… විදේශයක සිටියත්

ඔබේ **සිහින නිවසක්** හෝ **ව්‍යාපාරික ස්ථානයක්** ඉදිකරන්න අදහස් කරනවා නම්, CHEnge Construction සමඟ මුලින්ම කතා කරලා බලන්න.

📲 ඔබේ House Plan / Building Plan එක WhatsApp කරන්න.
📞 077 906 7379 | 077 808 1083

ඔබේ අවශ්‍යතාවය අපට කියන්න.
Plan එක බලමු. Site එක ගැන කතා කරමු. වියදම සහ වැඩේ ක්‍රමය පැහැදිලිව සාකච්ඡා කරමු.

🏠CHEnge Construction (Pvt) Ltd
📍 Minuwangoda

👉 ඔබේ සිහිනය සැලසුමක් විතරක් කරලා නවත්වන්න එපා. අදම අපිට කතා කරන්න — CHEnge Construction සමඟ ඔබේ ඉදිකිරීම් ගමන ආරම්භ කරමු. 🏠

20/09/2026

#පරාද වෙන්න අපි බය නෑ…!

මොකද **බිංදුවේ ඉඳන්** තමයි අපි මේ ගමන පටන් ගත්තේ.

අද තියෙන තැනට එන්න කලින් අපිටත් තිබුණේ අමාරු දවස්.
වැරදුණු තැන් තිබුණා.
අමාරුවෙන් ගොඩගත්ත වැඩ තිබුණා.
අතහැරලා දාන්න හිතුණු අවස්ථාත් තිබුණා.

හැබැයි එක දෙයක් වෙනස් වුණේ නැහැ…

වැඩේ අතහැරියේ නැහැ. ❤️‍🔥

අදත් අපි විශ්වාස කරන්නේ ලොකු ලොකු වචනවලට වඩා **කරපු වැඩෙන් විශ්වාසය හදාගන්න එක.

ගෙයක් හදන එක කියන්නේ ගඩොල්, වැලි, සිමෙන්ති එකතු කරන එක විතරක් නෙවෙයි.

ඒක කෙනෙකුගේ වසර ගණනක ඉතුරුම්, බලාපොරොත්තු සහ හීනයක්. 🏠❤️

ඒ නිසා අපිට භාරදෙන හැම වැඩක්ම අපේ වැඩක් වගේ වගකීමෙන් කරන්න තමයි අපේ උත්සාහය.

බිංදුවේ ඉඳන් ආපු ගමනක් නිසා
පරාද වෙන්න බය නැහැ.
නැවත නැගිටින්න අපි දන්නවා.

🏠CHEnge Construction Sri Lanka (Pvt) Ltd

🏠 ඔබ ගෙයක් හදන්න පටන්ගන්නවා නම් — දැන්ම අපිට කතා කරන්න.

📲 ඔබේ House Plan එක WhatsApp කරන්න.
📞 077 906 7379 | 077 808 1083

Plan එක බලලා, Site එකේ තත්ත්වයත් සලකා, ඔබේ ගෙදර වැඩේ කොහොමද කරන්නේ සහ වියදම කොච්චරද කියලා අපිත් එක්ක කතා කරගන්න.

ගෙයක් හදන්න කලින් අපිත් එක්ක කතා කරන්න.
වැඩේ භාරදෙන්න කලින් අපිව හඳුනාගන්න. 🤝

📍 Minuwangoda

👉 ගෙයක් හදන්න ඉන්නේ නම්, මේ දැන්ම WhatsApp එකෙන් Plan එක එවන්න.
අපි ඔබේ වැඩේ ගැන කතා කරමු.* 🏠

#කපරාදු

17/09/2026

🧱 “කපරාදු කරන එකනේ… ඒකට මොන තාක්ෂණයක්ද?”

ගෙයක් හදනකොට සමහරු වැඩි අවධානයක් දෙන්නේ Foundation, Columns, Beams, Slab වගේ දේවල්වලට.

හැබැයි කපරාදු (Plastering) වැඩේත් ගෙදර අවසාන ගුණාත්මකභාවයට ලොකු බලපෑමක් කරන වැඩක්.

කපරාදු කරන්න කලින් බිත්තියේ මතුපිට තත්ත්වය, මෝටාර් මිශ්‍රණය, අවශ්‍ය ඝනකම, මට්ටම සහ අවසාන Finish එක වගේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න ඕන.

❌ අධික ඝනකමට කපරාදු කිරීම
❌ මතුපිට නිසි ලෙස සකස් නොකර plaster කිරීම
❌ මෝටාර් මිශ්‍රණය නිවැරදිව පාලනය නොකිරීම
❌ Curing ගැන අවධානය නොදීම

වගේ දේවල් නිසා පසුව cracks, hollow plaster, uneven surface සහ finish එකේ ගැටලු ඇතිවෙන්න පුළුවන්.

ඒ නිසා,

“කපරාදු ටිකක්නේ…” කියලා නොසලකා හරින්න එපා. 🏠

හොඳ බිත්තියක් කියන්නේ ගඩොල් බැඳලා ඉවර වුණු බිත්තියක් විතරක් නෙවෙයි.
නිවැරදි plaster work එකත් හොඳ නිවසක කොටසක්.

🏠CHEnge Construction Sri Lanka (Pvt) Ltd

අපි වැඩක් භාරගන්නකොට ලස්සනට පෙනෙන අවසාන Finish එක ගැන විතරක් නොවෙයි — වැඩේ නිවැරදිව සිදු කරන ක්‍රමය ගැනත් අවධානය යොමු කරනවා.

🏠 ඔබත් ගෙයක් හදන්න සැලසුම් කරනවාද?

Plan එක අපට WhatsApp කරන්න.
ඔබේ අවශ්‍යතාවය සහ Site එකේ තත්ත්වය සලකා බලලා, වැඩේ සහ වියදම් ගැන පැහැදිලිව සාකච්ඡා කරමු.

📞 077 906 7379 | 077 808 1083
📍 Minuwangoda - මිනුවන්ගොඩ

ගෙයක් හදනකොට මිල ගණන විතරක් බලන්න එපා — වැඩේ කරන විදිහත් බලන්න.🤝

#කපරාදු

Address

Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when CHEnge construction මිනුවන්ගොඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share