26/08/2026
ජුලි 28 වනදා සිද්ධියෙන් පසුවත් භාරදුන් 5 වන නිවස. 2026.08.26
පිරිසක් දේශපාලන වාසි ගනිද්දී,
ගෙවපු ගානට වඩා වැඩ වෙලා තියෙන අය උඩ පනිද්දී,
ගෙවල් හදාගත්තු සම හරක් මිනිස්සු වාරික වලින් බේරෙන්න හදද්දී,
සැබෑවටම ප්‍රමාදය නිසා පීඩා විඳින පාරිභෝගිකයන් අනෙකාගේ අතකොළු වෙද්දී,
මිනිස්සුන්ගේ බදු මුදල් වලින් විශ්ව විද්‍යාල ගිහින් උපාදියක්වත් හරියට ගත්තෙ නැති නූගත් අඩු මොළ මෝඩයෝ අපි ගෙවල් දෙක තුනක් පෙන්නලා මිනිස්සු රැවැට්ටුවාය මුදල් වංචා කලාය කියා රට්ටු රවට්ටද්දී,
අනිත් නිවාස හදන ආයතන වලින් මිනිස්සුන්ව අවුස්සන්න කෑගහන්න සල්ලි දෙද්දී,
රටට ලෝකෙට තියා තමන්ගේ පවුලටවත් කිසි වැඩක් නැති පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගහද්දී,
සම හරක් පැලවත්තෙන් ගෙවල් හදාගන්න යද්දී,
රටේ ආර්ථිකය එක්ක බඩු එකට එකක් ගනන් ගියත් ගිවිසුම් වල මිල වැඩි නොකර ඉද්දී,
තවමත් අප ආයතනය ගැන විශ්වාසය තබා සිටින අප පාරිභෝගික ඔබ සැමට ස්තූතියි❤️.
අපේ ඉදිරි සැලසුම් වලින් හුඟක් දේවල් වෙනස් වෙයි නමුත් අප පාරිභෝගිකයින් වෙත කිසියම් හෝ අයුරකින් වාසිදායක වන ලෙස එම තීරණ ගෙන ඇත. ඒ පිළිබඳව අප පෙර දැනුවත් කළ ආකාරයට සැප්තැම්බර් මාසයේ අප ඔබ දැනුවත් කරන්නෙමු.
ගිවිසුම පවතින්නේ ආයතනය හා පාරිභෝගිකයා අතර පමණක්ම බව මතක තබාගන්න. තෙවන පාර්ශ්වයක් වනවානම් විය යුත්තේ පොලිසිය හෝ උසාවිය පමණි. වෙන කිසිදු පුද්ගලයෙකුට ඔබ බලාපොරොත්තු වන සාධාරණය ලබාදීමට හැකියාවක් නැත. කාගෙවත් අතකොලුවක් නොවන්න.
ලංකාවේ අහිංසක මිනිස්සුන්ට දැරිය හැකි අඩුම මුදලට ඒ හීන හැබෑ කරලා දුන්නේ අපි විතරම බව සියල්ලෝම දැනුවත් ය. වංචා කළා ගෙවල් හැදුවේ නෑ කියපු හැමෝටම ඉස්සරහට අපි පෙන්නන්නම් සාක්ෂි ඇතුව අපි කරපු වැඩ.
සුළුතරයක් කළ හරියක්.🤷🏻♂️