17/09/2026
. ආධ්‍යාත්මික බැඳීම, නිවාස වාසනාව සහ කළ යුතු කුසල් (Karma & Merits)
නිවසක් යනු හුදෙක් මුදල් තිබූ පමණින්ම හැදිය හැකි හෝ මිලදී ගත හැකි දෙයක් නොවේ. එය ආත්මීය බැඳීමක් මෙන්ම තමන්ගේ කුසල ශක්තිය හා බැඳී පවතින කාරණයකි:
• කුසලාකුසල කර්මයන්ගේ බලපෑම: තමන් පෙර භවයන්හිදී හෝ මෙලොවදී කර ඇති කුසල් සහ අකුසල් නිවසකට සෘජුවම බලපායි. හොඳ නිවසක සතුටින් වාසය කිරීමට නම් නිවාස සම්බන්ධයෙන් යම් කුසලයක් සිදුකර තිබිය යුතුය.
• නිවාස වාසනාව ඇතිකරවන කුසල් (පින්කම්): පෙර කුසල් කර නැතිනම්, දැන් හෝ එවැනි කුසල් කිරීමට යොමුවිය යුතුය:
• • අසරණ අයට උපකාර කිරීම: තමන්ගේ හැකියාව අනුව, නිවසක් සාදා ගැනීමට නොහැකිව අසරණව සිටින කෙනෙකුට සිමෙන්ති කොට්ට දෙක තුනක් හෝ පරිත්‍යාග කර ඔවුන්ගේ නිවසේ වැඩ කටයුතු කරගැනීමට උදව් වීම.
• • වහලක් සෙවිලි කරදීම: හිසට සෙවණක් නැති, වහලක් සෙවිලි කරගැනීමට වත්කමක් නැති පවුලකට ඒ සඳහා අවශ්‍ය තහඩු හෝ උළු ආදිය අරන් දීම 'සුපිරිම සුපිරි' කුසල ක්‍රියාවකි.
• • නිවැරදි උපදෙස් සහ මගපෙන්වීම: නිවසක් හදන අයට නිසි උපදෙස්, අවවාද අනුශාසනා ලබාදී ඔවුන් නොමග යාම වැළැක්වීමද උතුම් පින්කමකි.
• • පරණ නිවාස වල ද්‍රව්‍ය ප්‍රයෝජනයට දීම: තමන්ගේ පරණ නිවසක් කඩා ඉවත් කරන විට, එහි ඇති ලී, උළු, ජනෙල් දොරවල් ආදිය කුඩුපට්ටම් කර විනාශ කර නොදමා, ඒවා පරිස්සමෙන් ගලවා, නිවසක් තනා ගැනීමට අපහසු දුප්පත් කෙනෙකු සොයා ඔවුන් වෙතම පරිස්සමෙන් ගිහින් භාරදීම මහා පින්කමකි. මෙවැනි කුසල් නොකළහොත් නිවාස හදන විට විවිධ ගැටලු පැනනගී.
ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න:
https://our-home-vaastu-assistant-v5.onrender.com/