18/11/2025
📣 ශ්‍රී ලංකාවේ ටැක්සි ක්ෂේත්‍රය #නව #යුගයක් කරා ගෙන යන්න හෙළකුරු සමඟින් සමූහය එක් වෙයි! 😍💪
අපි අපේ HelaGo ගමන පටන් ගත්තේ, ලංකාවේ ටැක්සි ක්ෂේත්‍රය #සැමට #සාධාරණ ලෙස සහමුලින්ම වෙනස් කරමින් නව යුගයක් කරා ගෙනියන්න. 🛺💚
ඉතිං අපේ ඒ අලුත් ගමනට #දැවැන්ත ශක්තියක් වෙමින්, HelaGo රට පුරා කඩිනමින් ව්‍යාප්ත කරන්න ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ #පුරෝගාමී සන්නාමයක් වෙච්ච David Pieris සමූහ ව්‍යාපාරය හෙළකුරු අපිත් එක්ක අත්වැල් බැඳගත්තා. 🥰
අපේ රටේ ධාවනය වන ත්‍රීරෝද රථවලින් අති බහුතරය අලෙවිකරන සහ අලෙවියෙන් පසු සේවා සපයන David Pieris සමූහයත්, හෙළකුරු අපි වගේම 100% ක් ශ්‍රී ලාංකීය #හිමිකාරීත්වය හිමි සමාගමක් වීම නිසාවෙන්, ඔවුන් සහ අපි එක්ව සාධාරණ ගමනක් වෙනුවෙන් බිහිකරන HelaGo පුද්ගලික සමාගමත් 100% ක් ශ්‍රී ලාංකීය සමාගමක් වෙන එක ගැන අපිට ගොඩක් සතුටුයි වගේම ආඩම්බරයි! 🇱🇰💯
හෙළකුරු අපේ ඩිජිටල් තාක්ෂණ නවොත්පාදන ශක්තිය හා හෙළකුරට ළබැඳි මිලියන ගණනක ශ්‍රී ලාංකිකයින්ගේ #ආදරයත් එක්ක, ඔවුන්ගේ ලංකාව පුරා විසිරී පැතිරුණු DPMC ප්‍රදර්ශනාගාර ජාල ශක්තිය හා විශිෂ්ට පාරිභෝගික සේවාව තුළින් දිනාගත් රියදුරු #ගෞරවය එකිනෙකට යා කරමින්, රියදුරු-මගී දෙපිරිසම බලගැන්වෙන නව්‍ය ආකාරයේ සාධාරණ ටැක්සි සේවාවක් තමයි HelaGo වෙතින් අපි එක්ව ලංකාවට හඳුන්වාදෙන්නේ. ❤️
විශේෂයෙන්ම HelaGo වල අපේ “ & ” නවතම සංකල්පය ඔස්සේ අපි ගෙනාපු ප්‍රධානතම වෙනස, අද්භූත පාලන මිලක් වෙනුවට රියදුරු-මගී #එකඟතාවයෙන් මිල තීරණය වන සාධාරණ මිල ක්‍රමය, ලංකාවට මනාව ගැළපෙන නව්‍යකරණයක් බව අපි වගේම ලංකාවේ මිනිස්සුන්ගේ ගුණ සුවඳ හඳුනන ඔවුනුත් විශ්වාස කිරීම සහ එය යථාර්ථයක් බවට පත්කිරීමට අප හා එක්වීම අපට විශාල ගෞරවයක්. 🫡
ඉතිං මේ + දැවැන්ත ශක්තීන් දෙකක එකතුවෙන් ඇරඹෙන්නේ ලංකාවේ ටැක්සි ක්ෂේත්‍රය සැබෑවටම #නව #යුගයක් කරා ගෙනයන රියදුරු-මගී දෙපාර්ශවයටම #විනිවිදභාවය සහ #සාධාරණත්වය සහතික කරන ශක්තිමත් ගමනක්. ඒ ගමනට ඉක්මණින්ම එකතුවෙන්න ලංකාවේ රියදුරු-මගී සැමට අපි ඉත සිතින් ආරාධනා කරනවා! 💚💪
#සාධාරණ #ගමනකට