YCT green plant

YCT green plant for your vibe
(1)

20/07/2026
20/06/2026

ඇන්තූරියම් පැළයක් "propagate කරමු..👌

propagate කරනවා කියලා කියන්නේ ඇන්තූරියම් පැළයක් කට් කරලා පොලිතින් ආවරණයක් දාලා නව පැළයක් වර්ධනය කරගන්න එකයි.💥💥

මේ ක්‍රමයේ වාසි:

තෙතමනය රඳවා ගනී – පොලිතින් ආවරණය නිසා පැළයෙන් ජලය අහිමි වීම අඩුවෙයි.

ඉක්මනින් මුල් ඇතිවීමට උපකාරී වේ – වැඩි ආර්ද්‍රතාව නිසා මුල් වර්ධනය වේගවත් වේ.

කොළ වියළීම අඩුවේ – නව පැළයට ජලය උරාගැනීමට මුල් නැති නිසා කොළ වියළෙන්න පුළුවන්. පොලිතින් එක එය වළක්වයි.

ජීවත්වීමේ ප්‍රතිශතය වැඩිවේ – කට් කළ පැළය සාර්ථකව අල්ලාගැනීමේ හැකියාව වැඩිවේ.

මව් පැළයේ ලක්ෂණම රඳවා ගනී – මල්වල වර්ණය, ප්‍රමාණය සහ ගුණාංග ඒ ආකාරයෙන්ම නව පැළයට ලැබේ.

ඉක්මනින් නව පැළ ගණන වැඩි කරගත හැක – බීජ වලින් වගා කරනවාට වඩා වේගවත් ක්‍රමයකි.

🫵සැලකිය යුතුයි: පොලිතින් එක සම්පූර්ණයෙන්ම වසා තැබුවොත් අධික තෙතමනය නිසා දිලීර රෝග ඇතිවිය හැක. ඒ නිසා කුඩා වාතාශ්‍රයක් තිබීම හොඳයි.

ඔයාලටත් ඇන්තූරියම් propagate කරන පියවරෙන් පියවර ක්‍රමයක් ඕන නම් මම කියලා දෙන්නම්. 🌱🌺

19/06/2026

ඇන්තූරියම් පැළයක් නිවැරදිව කට් කරමු....❤️❤️

ඔන්න ඉතින් චූටි දෝනිත් ආවා ඇන්තූරියම් පැළ කට් කරන්.එයත් එක්ක බෑ...ඊට පස්සේ ඉතින් එයාව ගිහින් තියලා තමයි අපි වැඩේ කලේ..

15/06/2026

අද ......2026.06.15
වැඩිහිටියන්ට එරෙහි හිංසනය සහ නොසලකා හැරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා යෙදෙන ජාත්‍යන්තර දිනයකි.

"අද දින අපට මතක් කර දෙන්නේ වැඩිහිටියන්ට ගෞරව කිරීම පිළිබඳවයි. අනාගත පරපුර වෙනුවෙන් වඩා හොඳ ලෝකයක් ගොඩනැගීමට අප සැම දායක වෙමු."



12/06/2026

🎈🎈🎈ඇන්තූරියම් වගාවට අලුත් කෙනෙකු නම් මේ කරුණු ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවී🎈🎈🎈

💥හොඳ පැළයක් තෝරාගන්න

රෝග ලක්ෂණ නොමැති, කොළ කොළ පැහැයෙන් ඇති පැළයක් ගන්න.
අවම වශයෙන් කොළ 4–5ක් ඇති පැළයක් වඩා හොඳයි.

💥සුදුසු මාධ්‍යයක් (Growing Medium) භාවිතා කරන්න

ඇන්තූරියම් සඳහා ජලය රැඳී නොසිටින මාධ්‍යයක් අවශ්‍යයි.

පොල් ලෙලි කැබලි
කොහු බත්
වැලි
අඟුරු කැබලි
ගඩොල් කැබලි

💥 ආලෝකය
සෘජු හිරු එළියෙන් වළකින්න.
70%-80% සෙවන සහිත ස්ථානයක් හොඳයි.
උදේ ආලෝකය ලැබීම වඩාත් සුදුසුයි.

💥 ජලය දැමීම

මාධ්‍යය තරමක් තෙතමනයෙන් තබන්න.
දිනපතා අධික ලෙස වතුර දමන්න එපා.
ජලය රැඳී තිබුණොත් මුල් කුණු විය හැක.

💥පොහොර යෙදීම

මාසයකට වරක් සමබර NPK පොහොරක් අඩු ප්‍රමාණයෙන් යොදන්න.(කැටපොහොර ලෙස ඔස්මෝකෝට් සුදුසුයි)
දියර පොහොර භාවිතා කළහොත් වර්ධනය හොඳ වේ.

💥රෝග හා පළිබෝධ පාලනය

කොළ කහ වීම, දුඹුරු ලප ඇතිවීම ගැන අවධානයෙන් සිටින්න.
වාතාශ්‍රය හොඳින් ලැබෙන පරිසරයක් පවත්වා ගන්න.

💥 ඉවසීම

ඇන්තූරියම් ඉක්මනින් වර්ධනය නොවන ශාකයකි.
නිසි සැලකිල්ලෙන් මාස කිහිපයකින් විශාල කොළ සහ ලස්සන මල් ලබාගත හැක

අලුත් වගාකරුවෙකුට වැදගත්ම #රහස:
"අධික වතුර දමන්න එපා." ඇන්තූරියම් මිය යාමට ප්‍රධාන හේතුව වන්නේ මුල් කුණු වීමයි. 🌺

09/06/2026

YCT Greenplant ❤️❤️

Address

THAMBUTHTHA
Galgamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when YCT green plant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category